අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී ඇති බවත්ති නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින පවසයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය
ජාත්‍යන්තර ත්රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්ෂක අංශවලට හැකි වුණා.
නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.
වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා.
මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි.
මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලූ පියවර ගන්නවා.
ඒ නිසා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහ ආරක්ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා.
popular news
-
sg Monday, 13 May 2019 11:54 PM
මෙතන ජාත්‍යන්තර ත්ර්සතවාදයක් නැහැ මේක සම්පුර්නම තමුසෙලගෙ දේසපාලන උප්පරවැට්ටියක් ...
Reply : 4 32
chandana Tuesday, 14 May 2019 12:06 AM
අන්න එහෙම තීරණ ගන්න අපී සහය දෙනවා රටේ නීතිය එක එකාට ඕන විදිහට අතට ගන්න දෙන්න එපා තවත් මෝඩ කළු ජුලියකට ඉඩ දෙන්න එපා
Reply : 0 7
Sumudu Tuesday, 14 May 2019 06:40 AM
එතකොට බෝම්බ හදපු එවුන් හාවොද? උන්ට තදින් නීතියක් නැද්ද?
Reply : 7 47
Kanthi Fernando Tuesday, 14 May 2019 08:41 AM
අගමැති තුමෙනි කතා එපා ක්‍රියාත්මක වෙන්න රට ගිනි ගන්නවා
Reply : 0 1
Champa Tuesday, 14 May 2019 11:36 AM
දැන් ඔය නීති ඇයි මරාගෙන මරුන ත්රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියාත්මක කලේ නැත්තේ? පලවෙනි බෝම්බය පිපිරුණා ගමන් රට පුරා ඇඳිරි නීතිය දැම්මනම් ජීවිත සිය ගණනක් බේරෙනවා. මුස්ලිම් හින්ද නීතිය ක්‍රියාත්මක කලේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

